Blog

Welcome to MY BLOG


Subscribe to Get Latest Posts via email

Followers

Powered by Blogger.

යාපනයේ 3වෙනි දිනය (දිනයක නිමාව.....)

- - 0 Comments




හෙට දිනයේදී නොයෙසේනම් 27 වන සදුදා උදෑසන 7.ට යෙදෙන සුභ මොහොතින් ජනමාධ්‍යයේ,අපගේ කුළුදුල් අත්දැකීම විඳීමේ අභිප්‍රායෙන් කොලොම්පුරෙන් යාපා පටුන වෙත කෙරෙන සහෝදරත්වයේ චාරිකාව සඳහා සියලු කටයුතු සූදානම්.ගමන පිළිබඳව නොයෙකුත් ගැටළු පැවවතියද ඒ සියල්ල ඉතා සාර්ථකව විසඳා ගැනීමට අපට හැකිවිය.එබැවින් කිසිදු චිත්ත පීඩාවකින් තොරව අප ගමන සාර්ථක කරගත හැකියැයි හැඟේ.


කන්ඩායම් 5කින් යුක්තව ආරම්භ කෙරෙන අප චාරිකාව ක්ෂේත්‍ර චාරිකාවක් ලෙස හැඳින්වුවද සැබවින්ම ක්ෂේත්‍ර චාරිකාවකට වඩා වැඩි අරමුනකින් යුක්තය.යාපනය ප්‍රදේශය තුලදී ගුවන්විදුලි,රූපවාහිනී හා මුද්‍රිත යන අංශ වලින් ඉගෙනුම ලබන අප ඒ ඒ අංශයන්ට අදාළව තමන්ට ලැබුනු එක් ප්‍රධාන මාතෘකාවක් ආවරණය කරමින්ද ඒ තුළ එක් අනුමාතෘකාවක් තෝරාගනිමින් කේවල නිර්මානයක් කිරීමටද නියමිතය.ඉහත සියලුම අංශයන්ගෙන්ද සිංහල,දෙමළ හා ඉංග්‍රීසි භාෂාවන්ගෙන් අධ්‍යාපනය හදාරණ සිසුන්ගෙන් යුක්තව කන්ඩායම් සකස් වේ.එබැවින් එක් කන්ඩායමක් සියලුම භාෂාවන්ගෙන් හා මුද්‍රිත,ගුවන්විදුලි,රූපවාහිනී යන අංශයන්ගෙන් පෝෂණය වී පවතී.



සංස්කෘතික ගැටළු හා සංචාරක කර්මාන්තය අපට ලැබුනු ප්‍රධාන මාතෘකාව වන අතර ඒ අනූව මා විසින් මාගේ කේවල නිර්මාණය ලෙස සංචාරක කර්මාන්තය යුද්ධයට පෙර සහ යුද්දයෙන් පසු උතුරේ ක්‍රියාත්මක වන හා සංවර්ධනය වන අකාරය “උතුරේ පුබුදන සංචාරක කර්මාන්තය“ යන මැයින් ඉදිරිපත්කිරීමට අසහස් කරන්නෙමි.රූපවාහිනී මාධ්‍ය හදාරන ශිෂ්‍යයකු ලෙස අවසාන නිර්මානය රූපවාහිනී ප්‍රවෘත්තියක් ලෙස ලබාදිය යුතුය.එසේම අප නවමාධ්‍ය පැවරුමක් ලෙස මෙසේ බ්ලොග්,ෆේස්බුක් හා ට්විටර් අවකාශයන් ඔස්සේ ඔබවෙත තොරතුරු හා රචනා ඉදිරිපත් කරන්නෙමු.





හුදෙක්ම රචනා ශෛලියට කොටුවී වාර්තා ස්වරූපයෙන්ම බ්ලොග් අඩවිය භාවිතා කිරීමට අදහස් නොකරන අතර කේවල ව්‍යාපෘතිය පමනක් වාර්තා ස්වරූපයෙන් ඉදිරිපත් කරන්නෙමු.මීට අමතරව නිදහස් අදහස් හා නිර්මාණ Work™ යන කොටසින් ඉදිරිපත්වන අතර Fun events යන කොටසින් අපගේ යාපනය ගමනේ ක්‍රියාකාරකම්හි රූපරාමු යනාදිය කෙටි විස්තරයක් සහිතව ඉදිරිපත් වේ.එපමනක් නොව අප මෙම ගමන විනෝදයෙන් ගතකල ආකාරයද ඒ තුලින් ඉදිරිපත් කරමු.මන්ද සෑම ක්‍රියාකාරකමක්ම සාර්ථකව නිමකල හැක්කේ තමන් කරනා දෙය විනෝදයෙන් හා ඕනෑකමකින් කලහොත් පමනක් බව අප දන්නා බැවිනි.එබැවින් එම සතුට ඔබ සමගද බෙදාගන්නෙමු.




අනෙකුත් කන්ඩායම් වලට වඩා අඩු සංඛ්‍යාවක් (5) අන්තර්ගත වුවද අප කන්ඩායම අන් සියලු කන්ඩායම් අභිමුවේ හොඳම කන්ඩායම ලෙස මට හැ‍ඟේ.කන්ඩායම් නායකයා ලෙස මට ඉතා අනර්ඝ සහයක් ඔවුන්ගෙන් ලැබුනු අතර විටෙක මා දිරිමත් කරමින්ද සෑම කටයුත්තකදීම මා සමඟ රැඳී සිටිමින්ද මට සහය වුනු ඌෂා,සන්ධ්‍යා,ප්‍රනීත් හා ලිදර්ශන් යන සහෝදර සහෝදරියන්ටද අප කන්ඩායම භාර මානෙල් වික්‍රමසිංහ ගුරුතුමියටද මාගෙ ආදරණීය ස්තූතිය හිමිවේ.අප සඳුදා ගමන වෙනුවෙන් වූ සූදානමද කැමරා හා අනෙකුත් උපකරන ලබාගැනීම වෙනුවෙන් අප ගොඩනැගිල්ල පුරා දිවූ සැටි මාහටනම් කිසිදිනක අමතක නොවේ.තවමත් ගමනේ ආරම්භයටවත් පැමිණ නොමැති බැවින් ඔවුන් සියලු දෙනාම ගමන පුරාවටත් එකී සහයෝගය තවදුරටත් මාවෙත ලබාදෙනු ඇතැයිද බලාපොරොත්තු වේ.




ඇරඹුමට පෙර සටහන මෙසේ නිමකෙරෙන අතර බ්ලොග්,ෆේස්බුක් හා ට්විටර් ඔස්සේ අප සමඟ රැඳී සිටින ඔබගේ අදහස් අපට ඉතා වැදගත් බව මතක් කරන අතර ඔබේ අදහස් අපවෙත ලබාදී අප කටයුතු සාර්ථක කරගැනීමට සහය වන මෙන් ඉල්ලා සිටිමි.

This entry was posted on 11:00 PM and is filed under travel . You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

0 comments: