Blog

Welcome to MY BLOG


Subscribe to Get Latest Posts via email

Followers

Powered by Blogger.

Is best https://www.seedr.cc/

- - 0 Comments

 https://www.seedr.cc/ is the best placeto download your files at amazing speed guys check it out

මරණයේ නිල් තිරයෙන් බේරෙමු. ( Blue Screen Of Death - BSOD )

- - 0 Comments


මරණයේ නිල් තිරයෙන් බේරෙමු.


මරණයේ නිල් තිරය එහෙම නැත්නම් Blue Screen Of Death (BSOD) කියල කියන්නේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියක් පාවිච්චි කරන කෙනෙක්ට ජීවීත කාලයේදී දකින්න ලැබෙන අකුරු පිරිච්ච  ලස්සන නිල් තිරයක්.ඒත් ඒක අපිට ලස්සනට පේන්නෑ මොකද පී.සී එක තවදුරටත් බූට් නොවන නිසා..මේ තිරේ වින්ඩෝස් 8 වලට කලින්නම් තද නිල් පාටට තිබුනේ ඒත් වින්ඩෝස් 8 වලදි මේක ලා නිල් පාටින් තවත් හැඩවෙලා.කොහොම හරි මේ තිරේ ආවම අපිට හිතෙන්නේ දැන් ඉතින් OS  එක ඉවරයි ආයිත් වින්ඩෝස් දාන්න වෙයි කියලා.ඒත් ඒක තමා අන්තිම පියවර ඊට කලින් මේ ප‍්‍රශ්නෙන් ගොඩ එන්න ට්‍රයි කරමු.

                                                  තාක්ෂනික වශයෙන් හැඳින්වීමේදී BSOD එක stop error හරි stop message කියලත් හඳුන්වනවා. මරණයේ නිල් තිරය මෘදුකාංග හෝ දෘඩාංග වල දෝශ සහගත තත්වයක් නිසා හටගන්නක්.සම්පූර්ණ වශයෙන් තිරය පිරෙන්නට නිල් පාටින් එන මේ Error එක පරිගනකයේ පූර්ණ බිඳවැටීමකින් පස්සෙ මතුවෙන්නත් අලුතින් ඇතුලත්කල හෝ දෘඩාංග වෙනස් කිරීමකින් පස්සෙත් මතුවෙන්න පුලුවන්.restart කිරීමේ හැකියාව පමණක් ලබාදෙන මේ error එක ඇත්තටම අපව භීතියට පත්කරනවා.නමුත් වාසනාවකට මේ සෑම BSOD එකක් තුලම stop code එකක් සඳහන් වෙනවා මේ නිසා අපට පරිගනකය යථා තත්වයට පත්කර ගන්න උදව්වක් ලැබෙනවා.


සමහර විට ඔබේ BSOD එක පැමිනි සැනින් නැවත restart වීමක් වන නිසා ඔබට මේ code එක බලාගන්න බැරිවෙන්න පුලුවන් මෙහෙම වෙන්නෙ automatic restart on system failure option එක වින්ඩෝස් තුල සක්‍රීයව තියෙන නිසා.මේක නවත්වන්න pc එක restart කරලා windows ආරම්භවෙන්න කලින් f8 එබීමෙන් එන තිරයෙන් Disable automatic restart on system failure එක භාවිතයෙන් පුලුවන් මෙය windows xp sp3 එකේ ඉඳලා උඩට ඕනම OS එකක පාවිච්චි කරන්න පුලුවන්.

මේ codes වලට අදාලව GOOGLE   සෙවුමක් තුලින් ඔබට දෝශ පණිවුඩය පැමිණිමට හේතුව සොයාගත හැකියි.


දැන් අපි බලමු කොහොමද මරණයේ නිල් තිරයෙන් බේරෙන්නෙ කියලා,

මේ සමහර පියවරවල් වලදී  safemood (f8—>safemood) පරිගනකය Boot කරන්න වෙයි. බොහෝවිට අපට BSOD  එකකදී safemood  තුලින් පරිඝනකය boot කිරීමේ හැකියාවක් පවතී.Safemood තුලින් යන්න බැරිනම් ඒ පියවරවල් මගඅරින්න.

1වන පියවර : BSOD දෝශ සමනය කිරීමේදී පලමු හා වැදගත්ම පියවර වන්නේ ඔබ අවසන් වතාවට පරිගනය සමග සිදුකල කටයුත්ත කුමක්ද යන්නයි.
ඔබ පරිගනකයට අලුතින් මෘදුකාංග,දෘඩාංග ඇතුලත් කලාද?,Drivers යාවත්කාල(update) කලාද?,වින්ඩෝස් යාවත්කාල කලාද? එහෙනම් දොශය එතන විය හැකියි.ඔබ කලදෑ ඉවත්කර උත්සහ කරන්න.උදාහරන ලෙස
*අලුතින් ඇතුලත්කල දෘඩාංග ඉවත් කිරීම
* Startup using Last Known Good Configuration(f8)-මෑතකදී කල drivers update සහ Driver වෙනස් කිරීම් ඉවත් කිරීමට
* Use System Restore(safemood)- මෑතකදී කල පද්ධති වෙනස්කම් ඉවත් කිරීමට
* Roll Back device driver(safemood)-මෑතක කල driver updates තුලින් ආපසු යාමට

2වන පියවර : ඔබේ වින්ඩෝස් partition එකෙහි ප්‍රමානවත් අතිරික්ත ඉඩක් ඇති බවට තහවුරු කරගන්න.
BSOD සහ Date corruption ආදිය ඇතිවීමට ප්‍රධාන හේතුවක් ලෙස වින්ඩෝස් යොදාඇති ප්‍රධාන partition එක (බොහෝවිට c: ) හි අතිරික්ත ඉඩ ප්‍රමානය අල්පවීම හඳුන්වන්න පුලුවන්.මයික්‍රොසොෆ්ට් විසින් අවම වශයෙන් 100 mb පවත්වාගැනීම යෝජනා කලත්.එවන් ප්‍රමාණයකදී පෞද්ගලිකවම බොහෝගැටලු අත්විඳ ඇති නිසා සෑම විටම 15% කවත් අතිරික්තයක් පවත්වාගැනීම කලයුතුය

3වන පියවර : ඔබේ පරිගනකයෙහි වයිරස් ඉවත් කරන්න.
BSOD මතුවීම සඳහා සමහර වයිරස හේතුවිය හැකියි.විශේෂයින්ම master boot record (MBR) හා boot sector වලට පැතිරුනු වයිරසයන්.මේ සඳහා Bootable virus guard එකක් භාවිතා කරන්න.
4වන පියවර : පරිගනකයෙහි පවතින මෙහෙයුම් පද්ධතිය ආදාලව පැමිණ ඇති සියලුම service packs සහ OS updates යොදන්න.
මයික්‍රොසොෆ්ට් සමාගම විසින් විධිමත්ව ඔවුන්ගේ මෙහෙයුම් පද්ධති සඳහා updates සහ patches නිකුත් කරන අතර මේ තුලින් OS එකෙහි ඇති දුර්වලතා මගහැරීමෙන් BSOD ඉවත්විය හැක.
ඔබේ මෙහෙයුම් පද්ධතිය නියමාකාරයෙන් crack නොකරනලද ව්‍යාජ පිටපතක්නම් update කිරීමෙන් වලකින්න.

5වන පියවර : Drivers යාවත්කාල කරන්න.

බොහෝ BSOD දෘඩාංග හෝ Drivers හේතුවෙන් හටගන්නා නිසා Drivers  යාවත්කාලීන කිරීම තුලින් මෙය සමනය කරගනු හැකිය.

6වන පියවර : BIOS  settings එහි default තත්වයට පත්කරන්න.

overclock කරන ලද හෝ වැරදිලෙස සකස්කරන ලද BIOS settings BSOD ඇතුලු දෝශ රැසකට හේතුවිය හැකිය.

7වන පියවර : සියලු cards,cables හා උපාංග නිවැරැදිව සවිවී ඇද්දැයි පරීක්ෂා කරන්න.

නිවැරදිව සවිනොවුනු හා අක්‍රීය වුනු උපාංග බොහෝවිට BSOD ඇතිවීමට හේතුවනු අත්විඳ ඇත.(ඒ අතරින් Hard disk ප්‍රමුඛ වේ.කර කර ශබ්දය පිටවන (Head-Crash)පරණ හා Bad sectors වැඩි Hard disk වලට OS දැමීමේදී මෙය නිතර සිදුවේ.එවැනි Hard disk වලට OS දැමීමෙන් වලකින්න.)සියලු උපාංග ගලවා නැවත සවිකර උත්සාහ කරන්න.
8වන පියවර :  අත්‍යාවශ්‍ය දෘඩාංග පමණක් භාවිතාකර උත්සාහ කරන්න.

මෙය බොහෝ ගැටලුකාරී තත්ව වලදී උපකාරී වන්නකි.මෙහෙයුම් පද්ධතිය ධාවනය වීමට අවශ්‍ය අවමම දෘඩාංග පමනක් භාවිතා කර බලන්න ex: Motherboard,Processor, RAM, Primary Hard disk , keyboard , Video card , Monitor. Onboard VGA සහිතනම් Video Card  එකත් ඉවත්කර උත්සාහ කරන්න

මේ සියලු කටයුතු වලිනුත් පසු වින්ඩෝස් යථා තත්වයට පත්කරගත නොහැකිනම් අවසානයට ප්‍රථමයෙන් වින්ඩෝස් repair එකක් වෙත යායුතුය.ඒ තුලින් boot loader එකට හෝ අත්‍යවශ්‍ය පද්ධති files වලට සිදුවුනු හානි අලුත්වැඩියාවන් කල හැකිය එසේත් නැතිනම් අලුතින් OS දැමීමට හේතුවනු ඇත.


කෙසේවෙතත් ඉහත බොහෝ ක්‍රියාමාර්ග මරණයේ නිල් තිරය පැමිනීමටත් පෙර අපට ක්‍රියාත්මක කල හැකි ඒවා බැවින් මරණය අපකරා ලංවීමට පෙර එයින් ගැලවීමට කටයුතුකර තිබීම නුවනක්කාර ක්‍රියාවකි.

Are you looking for the solution to your computer problem? Join our Group today to ask your question -- for free! Our Group is run completely by volunteers who want to help you solve your computer problems.