Blog

Welcome to MY BLOG


Subscribe to Get Latest Posts via email

Followers

Powered by Blogger.

අබලන් වාහන හා ලංකාවේ ගමනාගමනය

- - 0 Comments

                                              ධාවනයට නුසුදුසු තත්වයේ අබලන් වාහන නිසා සිදුවන ප්‍රතිඵලය නොසිතන තරමේ බරපතල කාරණයකි.මෙහි ස්වභාවය දෙයාකාරය.එක් පැතිකඩක්නම් මෙසේ අබලන් වාහන හේතුවෙන් සිදුවිය හැකි ජීවිත අනතුරුය.අනෙක් පැතිකඩනම් මෙසේ අබලන් වාහන ඉබිගමනින් හා හිටිතැන ඇණහිටීම නිසා ඇතිවිය වන වාහන තදබදයය.
                                                ‍      ඉහත කාරණා සම්භන්දයෙන් ගතහැකි නියමිත තත්වයක් නොමැත.ජයට සිදුවන දුම් පරීක්ෂාවක් දැකගත හැකි වුවද,වාහන සම්භන්දයෙන් යෝග්‍යතා පරීක්ෂනයක්නම් දැකගත නොහැකිය.සෑම අතින්ම අබලන් වාහන දුම් අතින්ද දුබලතාවක් පැවතීම සාමාන්‍ය කාරණයකි.නමුදු බලපත්‍ර අලුත්කිරීමට යාමේදී අනෙකුත් අංශ හානි නොසලකා දුම් පරික්ෂණ වාර්තාවක් පමණක් බලාපොරොත්තු වෙයි.යථාර්ථය සැම විටම කටුකය.දුම් පරික්ෂාවට දින දෙක තුනකට පෙර සුළු මුදලකින් කරනු ලබන අළුත්වැඩියාවකින් මෙම පරික්ෂාවෙන් සමත්විය හැකිය.එසේනම් දුම්පරික්ෂාව තුලින් ධාවනයට යෝග්‍ය නොවන වාහන ඉවත්වීයයි යන තර්කයක් ගොඩනගන්නේනම් දැන් එයද නිශ්ප‍්‍රභා වේ.කාලය එළඹ ඇත සැගවෙන්නට නොව අවදිවන්නටයි.
                                                             අන්රටල නම් උදාහරනයක් ලෙස ගතහොත් ඇමරිකාවේ සෑම අවුරුදු පහකටම වඩා වැඩි වාහනයක්ම අවුරුද්දක් පාසාම යෝග්‍යතා පරීක්ෂනයකින් සමත්විය යුතුයි.නැතහොත් ධාවනයට අවසර නොලැබේ.මේ නිසා ඒ රටවල දුම්කෝච්චිමෙන් දුම්දමන බැලූබැල්මෙන්ම ඕනෑම මොහොතක කැඩී බිදී ඇදවැටෙතැයි සිතිය හැකි වාහන ගුවන්පාලම් වල ගමන්කරන්නේ නැත.නමුත් අපරටේ අනෙකුත් සියලු වාහන වලට බාධා පමුණුවමින් , කාලය කා දමමින් අත්ට්‍රැක්ටර් වැනි වාහන ගුවන් පාලම්වල ගමන්කරනු දැකගත හැකිය.දුප්පතාගේ වාහනවලට වැටකැපීමක් නොව සිදුවිය යුත්ත සිදුවිය යුතු ආකාරයෙන් දැක්වීම අරමුණ වේ.
                                                         ඕනෑම දෙයක යම්කිසි සැකැස්මක් තිබිය යුතුය.සැකැස්මක් ඇතිවීමට නීති පද්ධතියක් තිබිය යුතුය.මන්ද ගුවන් පාළමක එවන් වාහනයකට ගමන්කල පරිදි ඊට පහතින් මාර්ගයක් ඇත.එසේනම් අත්ට්‍රැක්ටර් යා යුත්තේ පහතින් මිස ගුවන් පාළමෙන් නොවන බව තේරුම් ගැනීමට මොලයක් නැතිද? නැත නැත්තේ මොලය නොව වුවමනාවය.අන්අයට හිරිහැර පමුණුවමින්  ඔවුන් එසේ ගමන් කරති.පරාර්ථකාමීන් වේනම් අපට නීති අවශ්‍ය නැත.නමුත් සැවොම හුදු ආත්මාර්ථකාමියෝ වෙමු.අවිවාදයෙන් පිළිගත යුතුය.
                                                                        දෙරණ ප්‍රවෘති'හි පසුගිය දිනක පුවතක් සමුවිය ඒ හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයේ ධාවනය කෙරෙන වාහන පරික්ෂා කිරී‍මේ මෙහෙයුමක් ක්‍රියාත්මක වු බවයි.එහිදී පැති කන්නාඩි,විදුලි ලාම්පු,තිරිංග පද්ධති යනාදිය පරික්ෂාවට ලක්ව තිබුනු අතර ප්‍රවෘත්ති අවසානයේ සදහන්ව තිබුනේ හදුනාගන්නා ලද දෝශ සහිත වාහනවල හිමියන්ට ඒවා නිවැරදි කරගැනීමට උපදෙස් දුන්බවය. උපදෙස්? උපදෙස්නම් ජීවිතය පුරාවට ලැබෙන්නකි.නමුත් උදෙස් පිළිපදින්නෝ දුලබය.නීතියක් ක්‍රියාත්මක වූවේනම් ඔවුන්ට දඩුවමක් හිමිවේ.තම වරදේ ස්වභාවය වටහාගනු ඇත.
                                                      කුඩා කොල්ලන් කුරුට්ටන් පදවාගෙන යන ෆුට් සයිකලයක් නවත්වා රාත්‍රී ධාවන පහන් නැතැයි සවස් වරුව තුලදී දඩගසා පමනක් මහාමාර්ගය තුළ ආරක්ෂාකාරී නීතිපද්ධතියක් ඇතිකල නොහේ.තිබෙන සුළු නීතිවත් නව නීති ඇතිවනතෙක් භාවිතාකල යුතුය.මේ සම්භන්ධයෙන්යම් සීමිත නීති ප්‍රමානයක් පවතී.වාහනයේ ගමන්කරන අයගේ ජීවිත වලට අන්තරායකර වන ආකාරයට ධාවනයට නුසුදුසු තත්වයේ වාහන ධාවනය කිරීම සම්භන්ධයෙන් මෝටර් වාහන පණතේ 145 වගන්තිය යටතේ චෝදනා ඉදිරිපත් කල හැක.නමුත් එහිදී ලබාදිය හැකි උපරිම දඩුවම වනුයේ පණ‍තේ 224 වගන්තිය ප්‍රකාර රුපියල් 2000 ක උපරිම දඩයකි.මීට අමතරව අවශ්‍යනම් රිය බලපත්‍රය අත්හිටුවිය හැකිය.
                                                 දැන් ඇති තත්වය මත මෙම නීති ප්‍රමාණවත් නොවන බව පිළිගත යුතුය.මාර්ග නීති උල්ලංඝනය කරන රියදුරන්ට ලකුනු ලබාදී ලකුණු 24 ක් අවුරුදු දෙකක් ඇතුලත ලබාගතහොත් රියදුරු බලපත්‍රය වසරකට අත්හිටුවන පරිදි නව නීතියක් සම්පාදනය වී තිබේ.එකී ලකුනු ලබාදෙන පටිපාටි‍යේ ධාවනයට නුසුදුසු තත්වයේ වාහන පදවන්නන් වෙනුවෙන්ද ලකුනක් වෙන්විය යුතුය.අබලන් වාහන නිසා අනතුරු වලට වඩා දැන් දැන් බලපා ඇත්තේ වාහන තදබදයටයි.කොළඹ වැනි අධික වාහන තදබදයක් පවතින නගරයක අබලන් වාහනයක් හේතුවෙන් වූ මාර්ග අවහිරයක් දක්නට ලැබීම අප්‍රසන්න අත්දැකීමකි.නීති සම්පාදනය විය යුතුය.එතෙක් පොලීසිය ඇස්කන් වසාගෙන සිටිය යුතු නැත.පවතින නීති තුලින් හෝ සන්නද්ධ විය යුතුය.අපද පුරවැසියෝ ලෙස පරාර්ථකාමීව සිතීමට නැඹුරුවිය යුතුය.එවිට ආසියාවේ ආශ්චර්යද වනු ඇත.

By :- Samith Hettiarachchi

This entry was posted on 10:04 PM and is filed under news . You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

0 comments: