Blog

Welcome to MY BLOG


Subscribe to Get Latest Posts via email

Followers

Powered by Blogger.
Showing posts with label view. Show all posts
Showing posts with label view. Show all posts

මේ සත්තු හරි අමුතුයි අප්පා..

- - 3 Comments


                  

අපි ජීවත් වෙන්නෙ අමුතු සත්තු කොට්ඨාශයක් එක්ක කියල හිතෙන වෙලාවලුත් තියෙනවා ඇත්තටම මිනිස්සුන්ගෙ විවිධාකාර හැසිරීම් දැක්කම වෙලාවකට හිතෙනවා මම විතරද මෙ විදියට හිතන්නෙ කියල මොකද අනික් මිනිස්සු ඒ දේවල් දකින්නෙ නෑ ඒ ගැන හිතන්නෙ නෑ ඒත් උදේ ගිහින් හවස ආවට පස්සේ කොච්චර දේවල්නම් තියෙනවද මට කල්පනා කරන්න.ඕන්න ඉතින් දැන් කියන්න එපා ̋මූට පිස්සු කියල˝ මොකද ඒක මම දන්නවා. :ඩී අපිට ජීවත්වෙන්න වෙලා තියෙන්නෙ මවාගත්ත චරිත තියෙන මිනිස්සු එක්ක.උදේ පාන්දරම අම්මව දැක්කම එයා ඇරෙන්න පොළවෙ පය ගහල ජීවත්වෙන චරිත දකින්න ලැබෙන්නෙ බොහොම අතළොස්සක් .. 

                                                ඕන්න උදේ පාන්දර මම පුටාර් එක (ඒ කිව්වෙ ෆුට් සයිකලේ :වී) පාගගෙන යනවා. ගමේ හොදට දන්න කියන එකෙක් දැකල ˝ ගුඩ් මෝර්නිංග් යන්නං මචාං˝ කිව්වම මූ හිනාවෙන්නෙවත් නැතිව ඔරවං යනවා. මූට අමු කැවිලද නැත්තං මුට ගුඩ් මෝර්නිංග් කියපු මට අමු කැවිලද කියල හිත හිත මාත් ඉතිං ඔහේ පාගනවා.ඊට පස්සෙ ඉතිං ස්ටේශමට ගිහින් කෑල්ලට (කෑල්ල කිව්වෙ අගෞරව කිරීමට නෙවේ) ˝මම ස්ටේශන් එකේ ඉන්නෙ පැටියො පරිස්සමෙන් එන්න ̋ කියල :ඩී මැසේජ් එකක් එහෙම කොටල ඉන්නකොට ඕං එනව බොක්කක්.බොක්කක් කියන්නෙ ඉතිං එකට පිස්සු නටපු සිරාම බොක්කක්.මට ඉතිං ෆස්ට හැපී දැක්කෙත් කාලෙක‍ට පස්සෙනේ.කතා කරන්න හදනකොට මෙන්න මූ ඔලුව පොඩ්ඩක් වනල පැත්තකට වෙලා බොහෝම ඩීසන් විදියට හිටගෙන ඉන්නවා කෙලින් බලාගෙන වෙනදනම් 5ක් දානව ශුවර්.. දැන් ඉතින් ජොබ් කරන පොරවල්නේ අපි තාමත් ලෙක්චර්ස් වලට යනවා.ඒ නිසා වෙන්න ඇති.ඇයි හත්දෙයියනේ මුන්‍ට මක් වෙලාද? තාම ඉස්කෝලෙන් අයින්වෙලා අවුරුදු එකහමාරක්වත් නෑ. දැන්ම මෙහෙමනම් තව අවුරුදු 7කින් 8කින් මුන් හැසිරෙන්නෙ කොහොමද.

මේ මමනම් තාමත් හිටපු විදියමයි ෆුල් ෆන් එකේ ඉනනවා මගෙ වැඩත් කරගන්නවා.හරි කොහොම හරි ගියයි කියමුකො ඕන්න දැන් මං කොලේජ් එකේ මේකත් බොහෝම අපූරු අමුතු තැනක් ˝ඇලිස් ඉන්ද වොන්ඩර් ලෑන්ඩ් වගේ ˝ එක බිල්ඩිමයි ලෝක 3යි සත්තු ගොඩයි. මල කෙලියයි ජූලි හතයි. :ඩී හොද සෙට් එකක් ඉන්නවා අවුලක් නෑ (නැත්තෙමත් නෑ) අපේ O\L සෙට් එක වගේනම් නොවේ.දැන් උන් කොහොම උනත් ම‍ට තාම මතකයි අපි ඒ කාලෙ හිටපු හැටි. 

හා හා වර්තමානෙට එමු. හම්ම් මේ සෙට් එකෙත් හොද උන් ඉන්නවා,වෙලාවකට හොදඋන් ඉන්නවා.මෙලෝ රහකට නැති වාහෙල ටිකකුත් ඉන්නවා.මේ ඔක්කොම මේකේ කෙටුවොත් දිග වැඩිවෙලා බෝරිංග් වෙනවා..මේ ඔක්කොම හරි අඩු ගානේ අපිට පාඩුවෙ ඉන්න දෙන්නැති කාර්ටූන් සෙට් එකකුත් ඉන්නවා.එ අපිට අදාල නැති උන් ටිකක්. කිසිදාක මූනෙ හිනාවක් නැති ගෑනු වගේ අනුන්ගෙ දේවල් වලට අතපත දාන ලොක්කන්ට කේලම් කියන ‍3කට්ටුවක් මේ කාටූන් වරිත ටික කිව්වොත් රොබෝ ටික්කෙකුයි , චිරිබිරිස් කෙනෙකුයි එක ටින් ටින් කෙනෙ‍කුයි අපහාස කරනව නෙවේ උන් මුලු ආයතන තුනකටම හිසරදයක්.මිනිස්සු හැමදාම ජීවත් වෙන්නෑ ඉන්න ටිකේ සහයෝගෙන් ජීවත්වෙන්න ඕනෙ අනුන්ව කපල තමන් සුදන නොවී.අපි අතර ඉන්න උන් කරන්නෙමත් ඕකනේ.කවදාවත් පොඩි දෙයක් කතා කරන්නෑ කට ඇරියොත් ලොකු ජාතියෙන්.වැඩක් පටන්ගන්නෙ ඒකෙන් තමන් කැපිල පේන්නයි අනික් උන්ව කපල දාන්නයි.ඕව මේව අතරෙ පැටලෙන්නැතිව පැත්තකට වෙලා ඉන්න එකයි මං දැං කරන්නෙ අනික් උන්ව හදන්න බෑ උං හදන්න ගිහිං අපිටත් නැහෙන්නයි වෙන්නෙ.අඩු ගානේ මං හිතන විදියට හිතන ‍එක්කෙනෙක්හරි ඉන්නවා.. (කෑල්ලම තමා)


ඒ ඇති..ආයි හවසට කිටිකියට හිරවෙලා බස්එකේ ගිහින් කෝච්චියේ එල්ලුනාම හම්බෙනවා පරන යාලුවෙක් ඒත් බොක්කක් නෙවේ.පොර ඉගෙන ගත්තෙ නෑ O/L ඩවුන්. පව්. ඔය ප්‍රයිවෙට් කම්පැනි එකක පොඩි ජොබ් එකක් කරන්නෙ.ඒත් උගෙ බොක්ක හොදයි නිතර හම්බුනත් අවුරුද්දකින් දැක්ක වගේ.ඒ කාලේ වගේමයි කිසි වෙනසක් නෑ. ෆුට් බෝර්ඩ් එකේ යද්දි මගෙ මූනේ අතු වදියි කියල ඌ මගෙ මූන ඉස්සරහින් අත අල්ලනවා අතු උගේ අතේ වදිනවා.අපිත් එක්ක හිටපු අපි උදව් කරපු බොක්කවල් හැසිරෙන්නෙ එහෙමයි වැඩි බජනයක් නොතිබුනු වුන් මෙහෙමයි.


උගත් කමෙයි නූගත් කමෙයි මම දකින වෙනස ඕකයි.ෂරි ඌටත් 5 ක් දාලා බැහැල යනකොට මෙන්න උදේ ඔරෝපු එකා ˝කොහොමද මචං ˝ කියපි.
මට ඉතිං යකා ගැහුව වගේ...
බයේ බෑ මේ වගේ උං එක්ක ජීවත් වෙන්න
ඉක්මනට පෑගුව ගෙදෙට්ටම...
ඉතිං ගෙදර ගිහිං මම කල්පනා කොරනවා
කොහොමද,



"මේ සත්තු හරි අමුතුයි අප්පා..."
      
                                                              B
y-zoohunter

  • Popular Posts