Blog

Welcome to MY BLOG


Subscribe to Get Latest Posts via email

Followers

Powered by Blogger.

යාපනය කොටුව සංවර්ධනය කිරීම

- - 0 Comments




ඓතිහාසික යාපනය කොටුව සංචාරකයින් ආකර්ශනය කර ගන්නා මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් රජය ආරම්භ කරයි.
මෙම ව්‍යාපෘතිය යටතේ පළමු අදියර ආරම්භ කර තිබෙන අතර මේ සඳහා රුපියල් මිලියන 104 ක පමණ වියදමක් වැයවෙනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ.
පෘතුගීසින් විසින් යාපනය අල්ලා ගැනීමෙන් පසුව සිය හමුදා රැඳවීම සඳහා යාපනය කොටුව 1618 දී ඉදිකර තිබෙන අතර පසුව 1658 දී ලන්දේසීන් විසින් අල්ලාගෙන තිබෙන එය තවදුරටත් පුළුල් කර ඇත.
පසුව 1795 වසරේදී ලන්දේසීන්ගෙන් මෙම කොටුව ඉංග්‍රීසින් අතට පත්වූ අතර පසුගිය යුධ සමයේදී මෙයට විශාල වශයෙන් හානි සිදුවුණි.
රජය සඳහන් කරන්නේ මේ වනවිට යාපනය කොටුවේ සිදුවන අළුත් වැඩියා කටයුතු පිළිබඳව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ නිරීක්ෂණය කළ බවත් හැකි ඉක්මනින් අදාළ අළුත් වැඩියා කටයුතු නිම කරන ලෙස උපදෙස් ලබාදුන් බවයි.

This entry was posted on 8:14 PM and is filed under travel . You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

0 comments: