Blog

Welcome to MY BLOG


Subscribe to Get Latest Posts via email

Followers

Powered by Blogger.

යාපනයේ 2වෙනි දිනය (දිනයක නිමාව.....)

- - 0 Comments


යාපනයේ දෙවෙනි දිනය පෙරදා මෙන්ම අදද හිමිදිරි පානදර 4.30 ට ආරම්භ විය.සැවොම ඉතා උද්යෝගයෙන් යුතුව අප ජීවිතයේ ගතකරන්නාවූ ඉතා වැදගත්ම දිනකිහිපයක සාර්ථක දෙවෙනි දිනය වෙනුවෙන් අවදිව එකාමෙන් සියලු කටයුතු සූදානම් කරගන්නා ආකාරය දක්නට ලැබින.කන්ඩායම් සයෙහි නායකයින් තම කන්ඩායම් එක්රැස්කරමින්ද ඔව්නට උපදෙස් හා දිනයේ කාලසටහන විස්තර කරමින් වැඩ පැවරනු දැකීම සැබවින්ම මෙය දෙස බලාසිටින්නෙකුගේ පවා ප්‍රබෝධමත් කරන්න තරම්ය.මාද මාගේ කන්ඩායම සූදානම් කර දිනයේ වැඩකටයුතු අරඔමින් අප වෑන් රථයේ නැගී උදෑසන 6.30 පමන වන විට පිටත්වූයේ පෙරදිනයට වඩා වැඩි වැඩ කොටසක් සිදුකරගැනීමේ අභිප්‍රායෙනි.

                                                          අප පළමුව යාපනය නගරයේ මුදුන් මල්කඩක් බඳු නල්ලූර් කොවිල වැඳ පුදා ගැනීමට ගියෙමු.කෝවිල නැරඹීමට පැමිනෙන රටේ ජනපති පවා සිදුකල යුතු ආකාරයෙන් අපටද ශරීරයේ ඉහල කොටසට වස්ත්‍ර නොමැතිව ඇතුලු වීමට සිදුවූ අතර එය අපට යම් නුහුරු අත්දැකීමක්ද විය.එහිදී පුද්ගලයෙකුට නිතර දැකබලා ගැනීමට නොලැබෙන හින්දු ප්‍රතිමාවකට කරන ලබන පූජාවක්ද නැරඹිමට තරම් අප වාසනාවන්ත වූ අතර කෝවිල තුළ ඡායාරූපගත කිරීමට නොදෙන බැවින් ඔබ වෙනුවෙන් රූපරාමුවක් ලබාගත නොහැකි විය.දේව මෙහෙයකටද සහභාගී වූ අප දෙස් විදෙස් සංචාරකයින් කිහිප දෙනෙකුගෙන් තොරතුරැ ලබා ගැනීම පිණිස කෝවිල භුමියට පැමිනියෙමු.

රටේ සතර භාගයෙන්ම පිරිස් නල්ලූර් කෝවිල වෙත පැමිණ සිටියහ.ඒ අතර මුස්ලිම්,බෞද්ධ,ක්‍රිස්තියානී ආදී විවිධ ආගම් වල පුද්ගලයන් සිටබව පැමිනී ජනතාව නිරීක්ෂනයේදී හා ඔවුන් සමඟ කතාබස් කිරීමේදී දැනගත හැකිවූ අතරම එසේ සර්ව ආගමිකයන් මෙසේ නල්ලූර් කෝවිල් භූමිය තුල එක්රැස්ව සිටීම රටක් වශයෙන් අප දිනාගත් නිදහ‍සෙහි වටිනාකම අපට ප්‍රත්‍යක්ෂ කරන්නක් විය.දේශීය සේම විදේශිය සංචාරකයින් කිහිප දෙනෙකු සමඟම අදහස් හුවමාරු කරගැනීමටද අපට එහිදී හැකිවිය.ඔවුන් සියල්ලෝම රටෙහි වත්මන් තත්වය  පිළිබඳ හොඳ ආකල්පයකින් පසුවිය.එක් විදේශිකයෙකු පමනක් අප සමඟ සුහද පිළිසඳරක යෙදී සිටියදී තවමත් යාපනය නගරයේ හමුදාව රැඳී සිටීම පිළිබඳ අප්‍රසාදයකින් කතාබස් කලේය.නමුත් ඔහුට පවතින තත්වයන් පිලිබඳව හරිහැටි අවබෝධයක් නොමැති බැව් පෙනුනු බැවින් අප ඔහුට ඒ පිලිබඳව තේරුම් කරදුන් අතර ඔහු අප සමඟ එකඟත්වයද පල කලේය.

කෝවිලෙන් නික්මුනු අප ඉන්පසුව කලින් සකස්කරගත් හමුවකට අනූව යාපනය කච්චේරිය වෙත ලඟා වූයේ එහි සංස්කෘතික කටයුතු භාර නිළධාරිනී මෝහනේශ්වරන් සමුවීමටය.එහිදී ඉතා කැපවීමෙන් අප වෙනුවෙන් තොරතුරු සැපයීම වෙනුවෙන් කටයුතු කල සංස්කෘතික අංශයේ නිලධාරීන්ට අප ස්තූතිය හිමිවිය යුතුය.
සියලු තොරතුරු කිසිදු අඩුපාඩුවකින් තොරව ලබාදුන් අතර සකස්කර තිබූ ඉදිරිපත් කිරීමක්(Presentation) ඔවුන්ගේ වටිනා  කාලය අප වෙනුවෙන් මිඩංගු කරමින් අපට විස්තර කර දුන් අතර සංස්කෘතික ගැටලු සම්භන්ධයෙන් ඔවුන් සකස් කල කෙටි චිත්‍රපටයක් හා යාපනයේ සංචාරක කර්මාන්ත අලලා සකස්කෙරුනු ග්‍රන්ථයක් පව අපට ලබාදීමට තරම් ඔවුන් නිහතමානී විය.

එම ස්ථානයෙන් පසු අප යාපනය ප්‍ර‍දේශයේ වෙසෙන දෙමළ බෞද්ධ ජනතාව මුනගැසීමේ අටියෙන් උඩුවිල් ප්‍රදේශය බලා පිටත්වීමු.ඒ අනූව එම ප්

This entry was posted on 11:00 PM and is filed under travel . You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

0 comments: