Blog

Welcome to MY BLOG


Subscribe to Get Latest Posts via email

Followers

Powered by Blogger.

යාපනය යළි පිබිදෙන සංචාරක කර්මාන්තය

- - 0 Comments



ශ්‍රි ලංකාව වනාහි සංචාරකයින් ආකර්ශනීය කර ගැනීමේ හැකියාවන්ගෙන් පිරුණු දිවයිනකි
එය භූ ගෝලිය පිහිටීම මත සේම සංස්කෘතික විවිධත්වය නිසාම සිදු වූවකිශ්‍රී ලංකාව කදිම සංස්කෘතික පිහිටීමකින් යුක්තයසිංහල හා දමිළ සංස්කෘතිය ඒ අතරිනිදු ප්‍රමුක වේදමිළ සංස්කෘතිය වනාහි අතිශය අලංකාර විචිත්‍ර වූවකි.යාපනය දමිළ සංස්කෘතිය ඔස්සේ දිර්ඝ කාලයක් පෝෂනය වුනු සංස්කෘතික මරමස්ථානයකිඑසේ කීමට හේතුව දමිළ සංස්කෘතිය ඉතාමත් සක්‍රීයව ක්‍රියාත්මක වන පෙදෙස වීමයි.සංචාරකයකු වශයෙන් ලංකාවට පැමිනෙන විදේශකයෙකුට වුවද ලංකාවේ පුරවැසියකුට හෝ වුවද ලංකාවේ අසිරිය හා සංස්කෘතිකත්වය හා ආශ්වාදය විඳදරාගනු පිණිස කරනු ලබන සංචාරනයකදී යාපනය කිසිකලක මගහැර යා නොහැක.නමුදු දේශීය සේම විදේශීය සංචාරකයිනට පුරා වසර 30 ක මන කාලයක් එකී අත්දැකීමක් ලබාගැනීමට නොහැකි වූයේ උතුරු හා නැගෙනහිර ව්‍යාප්ත කරගෙන පැවති දරුනු ත්‍රස්තවාදය විසින් මෙය යාපනය නොව සමස්ථ දිවයිනම සංචාරයට නුසුදුසු රටක් ලෙස අන් රටවල වාරණයකට ලක්වීම තෙක්ම දීර්ඝ වූවක් විය.                                               නමුත් නිදහස ලබාගැනීමෙන් පසු යාපනය අර්ධද්වීපය යළි පැවති අසිරිය දක්වමින් නැවත නැගීසිටීමක සිටිනු දක්නා ලැබේ.රටක සංවර්ධනය වේගවත් කරනු ලබන එක් සාධකයක් ලෙස සංචාරක කර්මාන්තය දැක්විය හැකිය.නැවත පිබිදෙන ශ්‍රී ලංකාව වශයෙන් යාපනය යනු සංචාරක ආකර්ශනය යාන්ත්‍රණයක් ලෙස හැඳින්වීමක්ද වරදක් නොවේදිවයිනේ ඵෙතිහාසිකපුරාවිද්‍යාත්මක මෙන්ම ආගමික සිද්ධස්ථාන හා වැදගත් ස්ථාන රාශියක්ම යාපන අර්ධද්වීපයේ පවතීඋදාහරණයක් ලෙස දැක්වුවහොත් නාග විහාරයදුම්රිය ස්ථානයයාපන කොටුවයාපන කෞතුකාගාරයනාගදීපයයාපන පුස්තකාලයනල්ලූර් කෝවිල හා පතුල නොපෙනෙන ළිඳ එකී වැදගත් ස්ථාන රාශිය අතරින් ප්‍රමුඛ කිහිපයකි.මේවා සංචාරකයකුට දැකබලා ගැනීමට අවශ්‍ය ස්ථානද වෙතියාපන අර්ධද්විපය යුද්ධය නිසා අධික ලෙස විනාශ මුඛයට පත් වූ පෙදෙසක් වුවද මේ වන විට නැවත සීඝ්‍රයෙන් සංවර්ධනය වෙමින් පවතී.නව ගොඩනැගිලිමහාමාර්ග පද්ධති දැනටත් කඩිනමින් ඉදිකෙරෙමින් පවතී.

                                         යාපන පුස්තකාලය 1983 දීගිනි තබා විනාස කර තිබුනද මේ වන විට මෙය නැවත ප්‍රතිසංස්කරණය කර මහජනයා වෙනුවෙන් විවෘතව පවතී.යාපනය නගරය යුද්ධයෙන් පසු තවදුරටත් එහි සංචාරක ආකර්ශණය වැඩි දියුණු වී ඇත් බවක් පෙනේඒ යුද්ධ සමයේ ඉතුරු වුණු සාධක සහ පැවැති යුධ සමය අපට ඉතිරි කල ඒ මතක සටහන් නිසාවෙනිපැමිණි සංචාරකයින් සමග කතාබස් කිරීමේදි වැටහී ගියේඔවුන් ත්‍රස්තවාදී නායක වේලුපිල්ලේ පිරිබාහරන්ගේ බංකරයහා අනෙකුත් යුධ නෂ්ඨාවශේෂ හා මතක සටහන් දැක බලා ගැනීමට දැඩි ප්‍රියත්වයක් දක්වන බවයඑසේම යාපනයට දැන් පැමිණෙන සංචාරකයින් දෙස බැලීමේදී පෙනී යන්නේ ලාංකික සංචාරකයන් බොහෝමයක් යාපනය වෙත පැමිණීමට රුචිකත්වයක් දක්වන බවය.රටේ අනෙක් කොන වන දකුණේ ජනතාව පවා බොහෝමයක් යාපනයේදී අපට මුණ ගැසිණු අතර වයස අවුරුදු 45 ත් 50 ත් පමණ අතර බොහෝ වැඩිහිටියන් පවා ප්‍රකාශ කලේ මේ ඔවුන් යාපනයට පැමිණි පළමු අවස්ථාව බවත් යුද්ධය නිසා පැමිණීමට නොහැකි වූ බවත්යඑසේම පැමිණ සිටි විදේශිකයින්සංචාරකයින් සංඛ්‍යාව අතලොස්සක් බවත් අපට තවදුරටත් පෙනී ගියේයලාංකික සංචාරකයින්ද විදේශීය සංචාරකයින් මෙන් එක සේ වැදගත් වුවද සංචාරක කර්මාන්තයක් ලෙස ගත්කල විදේශ විනිමය ලංකාවට ලබා ගැනීම තුළ විදේශිකයන්ගේ ආකර්ශණය දිනා ගැනීමට ඉතා වැදගත් වියයාපන පොලිසිය භාරව කටයුතු කරන සමන් සිගේරා මහතා ප්‍රකාශ කළ අන්දමින් මෙන්ම දින පහක් පුරා අප සංචාරයන්හිදී ද අපට වැටහී ගියේයාපනය ප්‍රදේශය ආරක්ෂාව අතින් ඉහළ ස්ථානයක පවතින බවයතොරතුරු සපයා ගැනීමේ අරමුණින් යාපනය කච්චේරිය වෙත ළගා වූ අපට ආයතනිකමය වශයෙන් යාපනය තව දුරටත් දියුණු විය යුතු බව වැටහිණමන්ද සියළුම නිළධාරීන් දමිළ ජාතිනයින් වූ අතර සිංහල භාෂාව මෙන්ම ඉංග්‍රිසි භාෂා හැකියාවන් ඔවුන් අතර දක්නට නොලැබිණිමේ තත්වය තුළ එවුන් හා තොරතුරු හුවමාරු කර ගැනීමේ දැඩි දුෂ්කරතාවයකට මුහුණ පෑමට අපට සිදු වියඅප සමඟ සම්ළ සහෝදර සහෝදරියන් සිටියද ඔවුනටද ඔවුන් හා අදහස් හුවමාරුවේ ගැටළු පැන නැඟුනේ කොළඹ දමිළ හා යාපන දමිළ වශයෙන් දමිළ භාෂාවේ ස්වරූපයන් දෙකක් පැවති බැවිනි.සංචාරකයින් මඟ පෙන්වීමට වෙනම ආයතනයක් සංචාරක තොරතුරු පිළිබද කාර්යාලයක් යාපන නගරයේ දක්නට නොලැබුණු අතර කච්චේරියේ සංස්කෘතික අංශය තුළම සංචාරක කටයුතු පිළිබඳවද අනියුක්තව පැවතියද එයද සන්‍රි මට්ටමේ සේවයක් නොවන බව පැහැදිළි විය
                                      විදෙස් සංචාරකය්නගේ පැමිණිම අල්ප නිසාදෝ සංචාරක මඟ පෙන්වන්නන් ලෙස පෞද්ගලිකව කටයුතු කරන්නන්ද සොයාගත නොහැක් වියයාපනය සංවරිධන පියවරේදී මහාමාර්ග පමණක් නොව අන් සියළු යටිතල පහසුකම් පිළිබඳවද එකසේ සැලකිලිමත් වීම වැදගත්යයුද්ධය අවසන් වී වසර කිහිපයක් ගත වුවද තවමත් විදේශිය සංචාරකයින්ගේ පැමිණිමේ හිඟය මෙකී දෝෂ සහගත තත්වයන්හි ස්වභාවය පෙන්වයි                                      සංවර්ධනය තුළින් ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය කරා යන්නා වූ ගමනේදී පළමුව යාපනය ලංකාවේ ආශ්චර්යය කර ගත හොත් එකී සංවර්ධනයට හා ඉදිරි ගමන වඩාත් සුභදායි හා ඉක්මන් ගමනක් වනු ඇත යන්න මගේ අවසන් සංකල්පනාවයි.

This entry was posted on 8:15 PM and is filed under travel . You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

0 comments: